ගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. මෙරට චීන තානාපති කාර්‍යාලය විසින් , එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන our world ආයතන උපුටා දක්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව දක්වා තිබෙනවා. ඊට අනුව ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර ඇති බව සඳහන්. එම ට්විටර් පණිවුඩය පහතින්,