LTTE සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.